සෙවනගල සීනි කර්මාන්ත ශාලාවේ පිරිසක් විරෝධතාවක

සෙවනගල සීනි කර්මාන්ත ශාලාවේ පිරිසක් විරෝධතාවක

by Staff writer 27-05-2019 | 1:15 PM
COLOMBO (News 1st) : සෙවනගල සීනි කර්මාන්ත ශාලාවේ සේවකයින් පිරිසක් අද පෙරවරුවේ විරෝධතාවක නිරතවූහ. අප වාර්තාකරු සඳහන් කළේ, කම්හල් පෞද්ගලීකරණය කිරීම සඳහා ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා ඉදිරිපත් කර ඇති පනතකට එරෙහිව සේවකයින් පිරිසක් විරෝධතාවයේ නිරත වූ බවයි. මේ සඳහා ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය ජාතික සේවක සංගමය, ප්‍රගතශීලි සේවක සංගමය සහ අන්තර් සමාගම් සේවක සංගමය යන වෘත්තීය සමිති හතරක එක්ව සිටියහ. සීනි කම්හලට ඇතුළු වන පිවිසම් මාර්ගය අසල ටයර් පුළුස්සමින් මෙම පිරිස විරෝධතාවයේ නිරත වූ අතර මේ වන විට කම්හල ඉදිරිපිට ප්‍රධාන ගෙට්ටුව අසල අට්ටාලයක් සිටවා අඛණ්ඩ සත්‍ය ග්‍රහයක නිරත වූහ.