වැලිමඩින් හමුදා නිල ඇඳුම්වලට සමාන ඇඳුම් සොයාගනී

වැලිමඩ නිවසකින් හමුදා කැළෑ නිල ඇඳුම්වලට සමාන ඇඳුම් සොයා ගනී

by Staff writer 27-05-2019 | 8:25 AM
COLOMBO (News 1st) : වැලිමඩ, නුගතලාව දිමුතුගම නිවසක තිබී යුද හා ගුවන් හමුදා කැළෑ නිල ඇඳුම්වලට සමාන ඇඳුම් කිහිපයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ, සැකකරු සන්තකයේ තිබී කාන්තා හා පිරිමි ජාතික හැඳුනුම්පත් 58 ක් ද සිය භාරයට ගත් බවයි. යුද හමුදා කැළෑ නිල ඇඳුමට සමාන කලිසම් දෙකක්, ගුවන් හමුදා කැළෑ නිල ඇඳුමට සමාන කලිසම් 2ක්, එවැනිම බොටම් සහ ටී ෂර්ට් දෙකක් මෙන්ම තියුණු ආයුධයක් ද සැකකරු සන්තකයේ තිබී පොලීසිය සිය භාරයට ගෙන තිබේ.