ලක්ෂ 17ක් වටිනා දුම්වැටි තොගයක් රේගු භාරයට

ලක්ෂ 17ක් වටිනා දුම්වැටි තොගයක් රේගු භාරයට

by Staff writer 27-05-2019 | 7:32 AM
COLOMBO (News 1st) : විදේශයක නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා ප්‍රකාශ කළේ, දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් දාහත් ලක්ෂ දහසය දහසක් වන බවයි. දුම්වැටි 28,600 ක් අඩංගු දුම්වැටි කාටූන් 143 ක් සැකකරුවන් සන්තකයේ තිබී සොයා ගෙන තිබේ. ඔවුන් මහනුවර ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි සහ 48 හැවිරිදි ව්‍යාපාරිකයින් ය.