මහරගම ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

මහරගම ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

by Staff writer 27-05-2019 | 2:12 PM
COLOMBO (News 1st) : ලබුගම කලටුවාව සිට ජලය සපයන ප්‍රධාන සම්ප්‍රේෂණ නළයේ හදිසි බිඳ වැටීමක් සිදුව තිබේ. ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය සඳහන් කළේ, මේ හේතුවෙන් කොළඹ ආශ්‍රිත ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවා ඇති බවයි. ඒ අනුව , අද රාත්‍රී 8 දක්වා මහරගම , බොරලැස්ගමුව , කොට්ටාව , පන්නිපිටිය , රුක්මල්ගම, පැල්න්වත්ත , මත්තේගොඩ , හෝමාගම , මීපේ හා පාදුක්ක යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවෙනු ඇති.