by Staff writer 27-05-2019 | 8:35 PM
COLOMBO (News 1st) - මධ්‍යම අධිවේගී මාර්ගයේ තෙවන අදියරේ ඉදිකිරීම් මේ වනවිට යළි ත් අර්බුදයකට ලක් ව තිබේ.
ජපානයේ ටයිසේ සමාගමට ලබාදුන් මධ්‍යම අධිවේගී මාර්ගයේ තෙවන අදියරේ අන්තර් හුවමාරුවක් ඉදිකිරීම ප්‍රමාදවීම නිසා එය ආපසු ලබා ගැනීමට අදාළව හෙට කැබිනට් අනුමැතිය ලබා ගැනීමට සූදානම් වේ.
මහාමාර්ග අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු පැවසුවේ, එම ඉදිකිරීම් නැවත ලබාගත්ත ද ගිවිසුමකට එළැඹ නොමැති නිසා කිසිදු ගෙවීමක් සිදු නොකරන බවයි.
එම අන්තර් හුවමාරුව ඉදිකිරීමේ කටයුතු ලබා නොදෙන්නේ නම් මාර්ග කොටස ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව ද සිදු කළ නොහැකි බව ටයිසේ සමාගම ශ්‍රී ලංකා රජයට දන්වා තිබේ.
මධ්‍යම අධිවේගී මාර්ගයේ තෙවන කොටස ඉදිවන්නේ ජපානයේ ටෝයේකියෝ මිට්ෂුයි බිෂි බැංකුවෙන් දැඩි කොන්දේසි මත ලබාගන්නා අමෙරිකානු ඩොලර් බිලියනයක ණය මුදලකිනි.
පොතුහැර සිට ගලගෙදර දක්වා වූ මෙම මාර්ග කොටසේ දුර කිලෝමීටර් 32 කි.