තිහගොඩ අනතුරකින් බිළිඳියක මියයයි

තිහගොඩ අනතුරකින් බිළිඳියක මියයයි

by Staff writer 27-05-2019 | 7:59 AM
COLOMBO (News 1st) : තිහගොඩ, නයිවල ප්‍රදේශයේදී සිදුවු රිය අනතුරකින් මාස තුනක් වයසැති දැරියක් මියගොස් තවත් 5 දෙනෙකු තුවාල ලබා තිබේ. පොලීසිය පැවසුවේ, තිහගොඩ දෙසට ධාවනයවූ ත්‍රිරෝද රථයක් සහ මාතර දෙසට ධාවනයවූ මෝටර් රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි. අනතුරින් රියදුරු ඇතුළු 6 දෙනෙකු තුවාල ලබා රෝහලේගත කිරීමෙන් පසු මාස 3 ක් වයසැති දැරියක් මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ, සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට මෝටර් රථයේ රියැදුරු අත්අඩංගුවට ගත් බවයි.