by Staff writer 26-05-2019 | 10:08 PM
COLOMBO (News 1st) : ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායමක් අද මල්වතු - අස්ගිරි මහා නාහිමිවරුන් බැහැදුටුවේ ය.
පළමුව, ශ්‍රී දළඳා වහන්සේ වැද පුදා ගත් මන්ත්‍රී කණ්ඩායම, අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය ආචාර්ය වරකාගොඩ ශ්‍රී ඥාණරතනාභිධාන මහනාහිමියන් බැහැදුටුවේ ය.
එහිදි ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරිපත් කර ඇති යෝජනාවලිය මහානාහිමියන් ඇතුළු මහා සංඝරත්නයට පිළිගැන්වී ය.
මේ එහිදී අස්ගිරි පාර්ශවයේ මහා ලේඛකාධිකාරී පූජ්‍ය ආචාර්ය මැදගම ධම්මානන්ද හිමියන් අදහස් දැක්වූ අතර, ඊට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා ද, ප්‍රතිචාර දැක්වී ය.
මේ අවස්ථාවට එක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා ද එක්වූ අතර, අස්ගිරි පාර්ශවයේ කාරක සංඝ සභික මුරුද්දෙණියේ ධම්මරතන හිමියන් ද පැමීණ සිටි පිරිසට අනුශාසනා කළේ ය.
https://www.youtube.com/watch?v=lbUR2HfjnQE