බඹරුන් දෂ්ට කිරීමෙන් 50 දෙනෙකු රෝහලේ

ශ්‍රමදානයක් අතරතුරදී බඹරුන් දෂ්ට කිරීමෙන් 50 දෙනෙකු මිනුවන්ගොඩ රෝහලට

by Staff writer 26-05-2019 | 12:13 PM

COLOMBO (News 1st) - මිනුවන්ගොඩ ප්‍රදේශයේ පාසලක ශ්‍රමදානයක් අතරතුර බඹරුන් දෂ්ට කිරීමෙන් පුද්ගලයින් 50 කට ආසන්න පිරිසක් මේ වනවිට මිනුවන්ගොඩ දිසාරෝහලට ඇතුළත් කර තිබේ.

නිව්ස්ෆස්ට් ප්‍රාදේශිය වාර්තාකරු ටෝනි කරුණානායක සඳහන් කළේ, ශ්‍රමදානයට සහභාගී වූ දෙමාව්පියන්ට එලෙස බඹරුන් දෂ්ට කර ඇති බවයි.