by Staff writer 26-05-2019 | 3:36 PM
COLOMBO (News 1st) : අත්අඩංගුවට ගත් කුරුණෑගල රෝහලේ වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඩ් සාෆි නමැත්තා විසින් නීතිවිරෝධී වඳ සැත්කම් සිදුකරනු ලැබ ඇති බවට, මේ වන විට පැමිණිලි 10 කට අධික සංඛ්‍යාවක් ලැබී තිබේ.
පොලීසිය ප්‍රකාශ කළේ, ඉන් 4 ක් ඔහු සමග සේවය කළ වෛද්‍යවරුන් විසින් ගොනු කරනු ඇති බවයි.
සෙසු පැමිණිලි ඉදිරිපත් කර ඇත්තේ, වයස අවුරුදු 28 ත් 30 ත් අතර වයසේ පසුවන කාන්තාවන් ය.
මේ සම්බන්ධයෙන් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරුණු වාර්තා කර ඇතැයි ද, පොලීසිය ප්‍රකාශ කළේ ය.
මේ අතර අදාළ වෛද්‍යවරයාගේ නමට ඇති කුරුණෑගල අවට ප්‍රදේශයේ ඉඩම් ඔප්පු 17ක් ද පොලීසිය විසින් සොයා ගනු ලැබ තිබේ.
සැකසහිත ආකාරයට වත්කම් උපයා ගැනීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කුරුණෑගල රෝහලේ වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඩ් සාෆි නමැත්තා ඊයේ පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගැනිණ.
https://www.youtube.com/watch?v=wHMDIj6-OPg