by Staff writer 26-05-2019 | 2:32 PM
COLOMBO (News 1st) - දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ ආරක්ෂාව තර කර තිබේ.
ඉන්දීය මාධ්‍ය අනාවරණය කළේ, ශ්‍රී ලංකාවේ සිට බෝට්ටුවකින් අයි.එස් ත්‍රස්තවාදීන් 15 දෙනෙකු ඉන්දියාවට අයත් ලක්ෂාදීප් දිවයින වෙත පිටත්ව ඇති බවට ලද බුද්ධි තොරතුරක් ලැබීම හේතුවෙන් එම පියවර ගෙන ඇති බවයි.
ඒ අනුව වෙරලබඩ පොලිස්ථාන, දිස්ත්‍රික් වෙලරබඩ පොලිස් ප්‍රධානීන් දැනුවත් කිරීමට ඉන්දිය පොලිස් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
ඉන්දීය මාධ්‍ය අනාවරණ කළේ, පසුගිය 23 වැනි දා සිටම ඉන්දිය වෙරලබඩ පොලිස් දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසුවන බවයි.
මේ සම්බන්ධයෙන් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර මහතාගෙන් නිව්ස්ෆස්ට් විමසීමක් කළේ ය.
ඔහු කියා සිටියේ, මෙවැනි සිද්ධියක් පිළිබඳව තමන්ට තොරතුරු වාර්තා වී නොමැති බවයි.
ඉන්දීය ආරක්ෂක අංශවලින් හෝ මේ සම්බන්ධයෙන් තමන්ට දැනුම්දීමක් කර නැතැයි ඔහු සඳහන් කළේ ය.
කෙසේ වෙතත් නාවික හමුදාව මුහුදු ප්‍රදේශවල ආරක්ෂාව තර කර ඇතැයි ඔහු පැවසුවේ ය.