'පොඩි මැණිකේ' පීලිපනී

'පොඩි මැණිකේ' පීලිපනී

by Staff writer 26-05-2019 | 4:10 PM
COLOMBO (News 1st) : කොළඹ සිට බදුල්ල බලා ධාවනය වූ පොඩි මැණිකේ දුම්රිය පීලි පැනීමකට ලක්වීමෙන් උඩරට මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව තිබේ. දුම්රිය පාලක මැදිරිය පැවසුවේ, දියතලාව සහ හපුතලේ අතරදී දුම්රිය පීලිපැනීමට ලක්ව ඇති බවයි. පීලිපැනීමට ලක්වූ දුම්රිය පීලිගත කිරීම සඳහා කණ්ඩායමක් නාවලපිටියෙන් පිටත්ව ගොස් ඇති අතර කඩිනමින් දුම්රිය පීලිගත කිරිමට පියවර ගෙන ඇති බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ ය.