පදියතලාවේ දැඩි සුළඟකින් නිවාස 10 කට හානි

පදියතලාවේ දැඩි සුළඟකින් නිවාස 10 කට හානි

by Staff writer 26-05-2019 | 11:40 AM
COLOMBO (News 1st) - පදියතලාව, ගල්වලලන්ද හා කහටවින්න යන ප්‍රදේශ හරහා හමා ගිය දැඩි සුළඟකින් නිවාස 10 ක පමණ හානි සිදුව තිබේ. පොලීසිය පැවසුවේ, ප්‍රදේශයට ඇදහැලුණු අධික වර්ෂාවත් සමග දැඩි සුළඟක් හටගත් බවයි. සුළඟින් නිවාසවලට සිදු වූ හානි තක්සේරු කිරීම මේ වනවිට ආරම්භ කර ඇතැයි පදියතලාව ප්‍රදේශයේ ලේකම් කාර්යාලය සඳහන් කළේ ය.