නීතිවිරෝධීව ධීවර කටයුතු කළ 9ක් අත්අඩංගුවට

නීතිවිරෝධීව ධීවර කටයුතු කළ 9ක් නාවික හමුදා අත්අඩංගුවට

by Staff writer 26-05-2019 | 6:01 PM
COLOMBO (News 1st) : නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වු පුද්ගලයින් 9 දෙනෙකු ත්‍රිකුණාමලය මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබේ. නාවික හමුදාව සඳහන් කළේ, ඔවුන් සමග ඩිංගි යාත්‍රාවක්, පිටත දහන යන්ත්‍රයක් ඇතුළු උපකරණ තොගයක් ද සිය භාරයට ගත් බවයි. සැකකරුවන් ලංකා පටුන ප්‍රදේශයේ පදිංචිකරුවන් ය. නීතිමය කටයුතු සඳහා ධීවරයින් සමග භාණ්ඩ මුතුර් ධීවර කාර්යාලයට භාරදීමට නියමිතයි.