ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 26-05-2019 | 6:29 AM

දේශීය පුවත්

1. ඉන්දියාවට හා ජපානයට කොළඹ වරායේ නව බහාලුම් පර්යන්තයකට රජයෙන් සැලසුම් ?: ශ්‍රී ලංකා රජය, ඉන්දියාව හා ජපානය සමග ඒකාබද්ධව කොළඹ වරායේ නව බහාලුම් පර්යන්තයක් ඉදිකිරීමට සැලසුම් කරන බව රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබේ. 2. රටේ ජාතික ආරක්ෂාව ශක්තිමත් කිරීමට සියලු පාර්ශවයන්ගේ සහය අවශ්‍යයි – ජනපති: රටේ ජාතික ආරක්ෂාව පිළිබඳව අඛණ්ඩව දැඩි අවධානයකින් පසුවීම ඉතා වැදගත් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. 3. ඇමති රිෂාඩ් බදියුදීන් FCID ය හමුවට: අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ඊයේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පැය 06 කට අධික කාලයක් ප්‍රකාශයක් ලබාදී තිබේ. 4. සැක කටයුතු ලෙස වත්කම් ලැබුණු ආකාරය පිළිබඳ පරීක්ෂා කිරීමට වෛද්‍යවරයෙකු අත්අඩංගුවට: සැක කටයුතු වත්කම් පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා කුරුණෑගල රෝහලේ වෛද්‍යවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

විදෙස් පුවත්

5. ඉන්දියාවේ පෞද්ගලික පන්ති පවත්වාගෙන ගිය ආයතනයක ගින්නක්: ඉන්දියාවේ සුරාට් නගරයේ පෞද්ගලික පන්ති පවත්වාගෙන ගිය ආයතනයක ගින්නක් හටගෙන තිබේ. ගින්නෙන් සිසුන් 19 දෙනෙකු පමණ මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.