කුරුණෑගල වෛද්‍යවරයා CID ය භාරයට

කුරුණෑගල රෝහලේ වෛද්‍යවරයා CID ය භාරයට

by Staff writer 26-05-2019 | 7:28 AM

COLOMBO (News 1st) - අත්අඩංගුවට ගත් කුරුණෑගල රෝහලේ වෛද්‍යවරයෙකු වන සෙයිගු සියාබ්දීන් මොහොමඩ් සාෆි ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබේ.

සැකසහිත ආකාරයට වත්කම් උපයා ගැනීමක් සම්බන්ධයෙන් කුරුණෑගල පොලීසියේ නිලධාරීන් ඔහු පෙරේදා පස්වරුවේ අත්අඩංගුවට ගත්තේ ය. කුරුණෑගල ශික්ෂණ රෝහලේ නීති විරෝධිව වඳ සැත්කම් කළ බවට චෝදනා එල්ල වූයේ ද මෙම වෛද්‍යවරයාට බව වාර්තා වේ.