by Staff writer 26-05-2019 | 11:19 AM
COLOMBO (News 1st) : ත්‍රිවිධ හමුදාව හා පොලීසියේ මෙහෙයවීමෙන් අදත් දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කෙරිණ.
වැඩබලන හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජනරාල් රොෂාන් සෙනවිරත්න මහතා පැවසුවේ, මෙහෙයුම්වලදී සැකකටයුතු පුද්ගලයින් 37 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි.
පෝරුතොට ප්‍රදේශයේදී සැකකරුවන් 8 දෙනෙකු සහ පෙරිමුල්ල ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම්වලින් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
වනාතමුල්ල සහ නාරාහේන්පිට ප්‍රදේශවල ක්‍රියාත්මක කළ සෝදිසි මෙහෙයුම්වලදී සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් අතර, අඩු ප්‍රබලත්වයෙන් යුත් පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 15 ක් සහ ටයිල් පිරිසිදු කිරිමට භාවිත කරන රාසායනික ද්‍රව්‍ය ලීටර් 60 ඔවුන් සන්තකයේ තිබී සොයා ගෙන තිබේ.
මාවතගම ප්‍රදේශයේ කළ සෝදිසි මෙහෙයුමේදී සැකකටයුතු පුද්ගලයින් 19 දෙනෙකු අත්අඩංගුවට ගත් බව, වැඩබලන හමුදා ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.
ඔවුන් සන්තකයේ තිබී කඩු සහ මොහොමඩ් සහරාන්ගේ දේශන ඇතුළත් ලැප්ටොප් සහ ඡායාරූප ද, හමුවී තිබේ.
ඊට අමතරව නාත්තණ්ඩිය ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම්වලින් සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගැනිණ.
ඉන් එක් අයෙක්, මොහොමඩ් සහරාන්ගේ ගුරුවරයෙකු බවට ද, මේ වන විට අනාවරණ වී තිබේ.
වැලිපැන්න බොංදුපිටිය ප්‍රදේශයේදී කඩු හතරක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව, වැඩබලන හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජනරාල් රොෂාන් සෙනවිරත්න මහතා ප්‍රකාශ කළේ ය.
මීට අමතරව, කෑගල්ල ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම්වලින් කඩු 3ක් ද, ආරක්ෂක අංශ භාරයට ගෙන තිබේ.
https://www.youtube.com/watch?v=0lIm5AKqLZE