හලාවත රිය අනතුරකින් තරුණයින් තිදෙනෙකු මරුට

හලාවත රිය අනතුරකින් තරුණයින් තිදෙනෙකු මරුට

by Staff writer 26-05-2019 | 7:30 AM

COLOMBO (News 1st) - හලාවත, ආණමඩුව ප්‍රධාන මාර්ගයේ නාගවිල ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් තරුණයින් තිදෙනෙකු මිය ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, යතුරු පැදියක් හා කැබ් රථයක් ගැටීමෙන් ඊයේ රාත්‍රී අනතුර සිදු ව ඇති බවයි. මිය ගොස් ඇත්තේ 17, 18 හා 19 හැවිරිදි තරණයින් තිදෙනෙකි. ඔවුන් ආඬිගම හා කට්ටකාඩුව ප්‍රදේශයේ පදිංචිකරුවන් ය. මළ සිරුරු හලාවත රෝහලේ තැන්පත් කර තිබේ.