by Staff writer 26-05-2019 | 11:50 AM
COLOMBO (News 1st) - පසුගිය උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීමේ කඩඉම් ලකුණු ඉදිරි මාස දෙක ඇතුළත නිකුත් කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසයි.
එහි උපසභාපති මහාචාර්ය පී.එස්.එම් ගුණරත්න මහතා සඳහන් කළේ, මෙවර විශ්වවිද්‍යාල සඳහා 70,000 කට අධික පිරිසක් අයැදුම් කළ බවයි.
ඉන් 31,000 කට අධික පිරිසක් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගැනීමට සැලසුම් කර ඇති බව ද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සඳහන් කළේ ය.
කෙසේ වෙතත් ආරක්ෂක හේතුන් මත පසුගිය දිනවල විශ්වවිද්‍යාල වසා දැමීම හේතුවෙන් අපේක්ෂිත කාල පරිච්ඡේදයට මෙවර සිසුන් ඇතුළත් කර ගැනීම සම්බන්ධයෙන් ගැටළුවක් ද මතුව තිබේ.
මහාචාර්යවරයා ප්‍රකාශ කළේ, මේ පිළිබඳව විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් සමග සාකච්ඡා කර තීරණයකට එළඹෙන බවයි.