බදුරලියේ බෝම්බ බිය ඇති කළ සැකකරු CCD ය භාරයට

බදුරලියේ බෝම්බ සොයා ගැනීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරු CCD ය භාරයට

by Staff writer 25-05-2019 | 3:57 PM

COLOMBO (News 1st) - බදුරලිය, දික්හේනපුර ප්‍රදේශයේ පාසලකින් අත්බෝම්බ සහිත බෑගයක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයට භාරදී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, සැකකරු රඳවා තබා ප්‍රශ්න කරගෙන යන බවයි. ඊයේ පස්වරුවේ එම සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවේ බදුරලිය පොලීසිය මගිනි. ඔහු 32 හැවිරිදි බදුරලිය හැඩිගල්ල ජනපදය පදිංචිකරුවෙක් ය. මේ සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් කණ්ඩායම් දෙකක් එම ප්‍රදේශය වෙත පිටත්ව ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.