පොලිස් නිලධාරීන් 5 දෙනෙකුට ස්ථාන මාරුවීම්

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකුට හා පොලිස් අධිකාරීවරුන් 4 දෙනෙකුට ස්ථාන මාරුවීම්

by Staff writer 25-05-2019 | 2:18 PM
COLOMBO (News 1st) - පොලිස් නිලධාරීන් 5 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දී තිබේ. පොලිස් මාධ්‍ය ඒකකය පැවසුවේ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකු හා පොලිස් අධිකාරීවරුන් 4 දෙනෙකු ඒ අතර වන බව ය. ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි එම ස්ථාන මාරුවීම් සිදු කර ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ ය.