by Staff writer 25-05-2019 | 7:43 PM
COLOMBO (News 1st) - ගම්මැද්ද V’Force මෙහෙයවන නායකත්ව පුහුණු වැඩසටහන් මාලාවේ පළමු අදියර අද සාර්ථකව අවසන් විය.
ගම්මැද්ද V’Force පළමු අදියර සීගිරියේ පැවැත්වුණු අතර එහි දෙවැනි අදියර මීගමුව මුහන්දිරම්පිටිය කලපු තොටුපොළේදී පැවැත් විණි.
රත්නපුරයේ ගංවතුර අවදානම අවම කිරීමේ දිගුකාලීන අරමුණ ඇතිව කලු ගඟ දෙපස පැළ හාරදහසක් රෝපණය කෙරුණේ තෙවැනි අදියර යටතේයි.
සිව්වැනි අදියර ක්‍රියාත්මක කෙරුණේ, දැදිගම මහපල්ලේගම කිනිවිට කණිෂ්ට විද්‍යාලය කේන්ද්‍ර කරගනිමිනි.
එලෙස රටේ සිව්කොණ තරුණ නායකයින් සමග රට ගොඩනැගීමේ කාර්යට උරදී සිටින V’Force පරපුරට පෙර දැක්මක් ලබාදීමේ අරමුණින් V’Force නායකත්ව පුහුණු වැඩමුළුව අද පෙරවරුවේ සීමාසහිත කැපිටල් මහරාජා සංවිධාන මූලස්ථාන ශ්‍රවණාගාරයේදී පැවැත් විය.
ඒ, ජගත් කීර්තිධර කඳු නැගීමේ ශුර එල්මෝ ෆ්රැන්සිස් මහතාගේ ප්‍රධානත්වයෙනි.
ප්‍රායෝගික ක්‍රියාකාරකම් රැසකින් ද මෙම වැඩමුළුව සමන්විත විණි.
රටේ සිව්කොණදී V’Force බලඇණිය සමග එක් වූ විශ්වවිද්‍යාල සිසු සිසුවියන්, මහරාජා ඉන්ස්ටිටුයුට් ඔෆ් මැනේජ්මන්ට් ආයතනයේ සිසු සිසුවියන් ඇතුළු තරුණ නායකයින් රැසක් මීට එක්විය.