ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 25-05-2019 | 6:51 AM
COLOMBO (News 1st) දේශීය පුවත් 1. ජනාධිපතිවරයා සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු මුහුණු පොතේ ප්‍රචාරය කිරීමේ වරදට අත්අඩංගුවට ගත් විශ්වවිද්‍යාල සිසුවා ඊයේ රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හැරිණි. 2. මතුගම, බදුරලිය ප්‍රදේශයේ පාසලකට අත්බෝම්බ තොගයක් ගෙනවිත් දැමීම සම්බන්ධයෙන් එම ප්‍රදේශයේම 32 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 3. අප්‍රේල් 21 වන දා සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් කරන ලද විමර්ශනවලින් පසු බැංකු ගිණුම් 41ක් තහනම් කර තිබේ. 4. හදිසි නීතිය මසකින් දීර්ඝ කිරීමේ යෝජනාව ඊයේ පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත විය. 5. මහත් ආන්දෝලනයට ලක් වූ යාපනයේ ශිවලෝගනාදන් විද්‍යා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් යාපනය කොට්ඨාසය භාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතාට එරෙහිව නීතිපතිවරයා ඊයේ යාපනය මහාධිකරණය හමුවේ නඩු පවරනු ලැබුවේ ය. 6. මොහොමඩ් සහරාන්ගේ ආධාරකරුවන් 5 දෙනෙකු ඊයේ අලුයම හොරොව්පතාන කිවුලේකඩ සහ ඇල්ලවැව ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබේ. 7. රිෂාඩ් බදියුදීන් ඇමතිවරයාට එරෙහි චෝදනා ඇතුළුව අප්‍රේල් 21 වන දා සිදු වූ ප්‍රහාරය සම්බන්ධ සිදුවීම සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවෙන් කාවින්ද ජයවර්ධන මන්ත්‍රීවරයා ඉල්ලා අස් වී තිබේ. විදෙස් පුවත් 8. මහ මැතිවරණයේදී මුහුණ දුන් දැවැන්ත පරාජය හමුවේ රාහුල් ගාන්ධි ඉන්දීය කොංග්‍රස් පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට සූදානම් වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. 9. ලබන 7 වන දා තමා අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් වන බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ ඊයේ නිවේදනය කළා ය. ක්‍රීඩා පුවත් 10. ක්‍රිකට් ලෝක කුසලානය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් තේමා ගීතය එළිදැක්වීම ඊයේ සිදු කෙරිණි.