කේරළ ගංජා සමග දෙදෙනෙකු උතුරු මුහුදේදී අත්අඩංගුවට

කේරළ ගංජා කිලෝග්‍රෑම් 245ක් සමග දෙදෙනෙකු උතුරු මුහුදේදී අත්අඩංගුවට

by Staff writer 25-05-2019 | 10:42 AM
COLOMBO (News 1st) - උතුරු මුහුදේ කේරළ ගංජා කිලෝග්‍රෑම් 245ක් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදාව අද උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ. නාවික හමුදාව පැවසුවේ, සැකකරුවන් ඒ සඳහා යොදා ගත් ඩිංගි යාත්‍රාව ද සිය භාරයට ගත් බව ය.