උඩරට මාර්ගයේ තිබි මළ සිරුරක් හමුවෙයි

උඩරට දුම්රිය මාර්ගයේ තිබි තරුණයෙකුගේ මළ සිරුරක් හමුවෙයි

by Staff writer 25-05-2019 | 4:25 PM

COLOMBO (News 1st) - උඩරට මාර්ගයේ තලවකැලේ සහ වටගොඩ දුම්රිය ස්ථාන දෙක අතර තිබි තරුණයෙකුගේ මළ සිරුරක් අද උදෑසන සොයාගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, දුම්රිය මාර්ග පරීක්ෂා කරන මුරකරු දැක ඒ පිළිබඳව පොලීසියට දැනුම්දී ඇති බවයි. මියගොස් ඇත්තේ 23 හැවිරිදි තලවකැලේ, හොලිරූඩ් ප්‍රදේශයේ තරුණයෙකි. පොලීසිය පැවසුවේ, මෙය ඝාතනයක් ද නැත්හොත් අනතුරකින් සිදුවුවක් ද යන්න පිළිබඳව විමර්ශන කරන බවයි. මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නුවරඑළිය මහ රෝහලට යවන බව පොලීසිය සඳහන් කළේ ය.