ඉන්දියාවේ පෞ. පන්ති පවත්වාගෙන ගිය ආයතනයක ගින්නක්

ඉන්දියාවේ පෞද්ගලික පන්ති පවත්වාගෙන ගිය ආයතනයක ගින්නක්: සිසුන් 19ක් මරුට

by Staff writer 25-05-2019 | 9:55 AM
(News 1st) - ඉන්දියාවේ සුරාට් නගරයේ පෞද්ගලික පන්ති පවත්වාගෙන ගිය ආයතනයක ගින්නක් හටගෙන තිබේ. ගින්නෙන් සිසුන් 19 දෙනෙකු පමණ මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අදාළ ගොඩනැගිල්ල ගිනි ගන්නා අවස්ථාවේ සිසුන් ඉන් ඉවතට පැන ඇති අතර ගින්නට මැදි වී ඇත්තේ, යොවුන් වියේ පසුවන සිසුන් පිරිසකි. ගින්නෙන් තුවල ලැබූ තවත් සිසුන් 20 දෙනෙකුගේ තත්ත්වය බරපතළ අතර විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඔවුන් මේ වන විට ගුජරාට්හි රෝහලක ප්‍රතිකාර ලබන බව ය. එරට ගිනි නිවීම් සේවා නිලධාරියෙකු පැවසුවේ, සිසුන් ගින්නට මැදි වීමෙන් සහ ගොඩනැගිල්ලෙන් ඉවතට පැනීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව ය. අදාළ ගින්න ගොඩනැගිල්ලේ පඩිපෙළ ආසන්නයේ හට ගැනීම නිසා සිසුන් විශාල පිරිසක් එහි සිර වී තිබේ.