ඇමති රිෂාඩ් බදියුදීන් FCID ය හමුවට

by Staff writer 25-05-2019 | 3:45 PM

COLOMBO (News 1st) - අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අද පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පැය 06 කට අධික කාලයක් ප්‍රකාශයක් ලබාදී තිබේ.

ඒ, 2014 / 2015 කාල සීමාව තුළ ලක් සතොස ආයතනයට සහල් මෙට්‍රිල් ටොන් 257,000 ක් ආනයනය කිරීමේදී සිදු ව ඇති මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනයකට අදාළව යි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ, අද පෙරවරු 10.00 ට පමණ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවට පැමිණි බවයි. අද පස්වරු 4.30 ට පමණ ඔහු පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයෙන් පිටව ගොස් තිබේ.