උඩරට දුම්රිය මාර්ගයේ තිබි තරුණයෙකුගේ මළ සිරුරක් හමුවෙයි

උඩරට දුම්රිය මාර්ගයේ තිබි තරුණයෙකුගේ මළ සිරුරක් හමුවෙයි

උඩරට දුම්රිය මාර්ගයේ තිබි තරුණයෙකුගේ මළ සිරුරක් හමුවෙයි

කර්තෘ Staff writer

25 May, 2019 | 4:25 pm

COLOMBO (News 1st) – උඩරට මාර්ගයේ තලවකැලේ සහ වටගොඩ දුම්රිය ස්ථාන දෙක අතර තිබි තරුණයෙකුගේ මළ සිරුරක් අද උදෑසන සොයාගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, දුම්රිය මාර්ග පරීක්ෂා කරන මුරකරු දැක ඒ පිළිබඳව පොලීසියට දැනුම්දී ඇති බවයි.

මියගොස් ඇත්තේ 23 හැවිරිදි තලවකැලේ, හොලිරූඩ් ප්‍රදේශයේ තරුණයෙකි.

පොලීසිය පැවසුවේ, මෙය ඝාතනයක් ද නැත්හොත් අනතුරකින් සිදුවුවක් ද යන්න පිළිබඳව විමර්ශන කරන බවයි.

මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නුවරඑළිය මහ රෝහලට යවන බව පොලීසිය සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]