ඇමති රිෂාඩ් බදියුදීන් FCID ය හමුවට

ඇමති රිෂාඩ් බදියුදීන් FCID ය හමුවට

කර්තෘ Staff writer

25 May, 2019 | 3:45 pm

COLOMBO (News 1st) – අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අද පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පැය 06 කට අධික කාලයක් ප්‍රකාශයක් ලබාදී තිබේ.

ඒ, 2014 / 2015 කාල සීමාව තුළ ලක් සතොස ආයතනයට සහල් මෙට්‍රිල් ටොන් 257,000 ක් ආනයනය කිරීමේදී සිදු ව ඇති මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනයකට අදාළව යි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ, අද පෙරවරු 10.00 ට පමණ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවට පැමිණි බවයි.

අද පස්වරු 4.30 ට පමණ ඔහු පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයෙන් පිටව ගොස් තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]