Batticaloa Campus සඳහා මුදල් ලැබුණු අයුරු සෙවීමට මහ බැංකු නිලධාරීන් ආංශික අධීක්ෂණ කමිටුව හමුවට

Batticaloa Campus සඳහා මුදල් ලැබුණු අයුරු සෙවීමට මහ බැංකු නිලධාරීන් ආංශික අධීක්ෂණ කමිටුව හමුවට

Batticaloa Campus සඳහා මුදල් ලැබුණු අයුරු සෙවීමට මහ බැංකු නිලධාරීන් ආංශික අධීක්ෂණ කමිටුව හමුවට

කර්තෘ Sakila Udayakumara

24 May, 2019 | 8:21 am

COLOMBO (News 1st) – මඩකලපුවේ ඉදිකෙරෙන බැටික්ලෝ කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ් නමැති ආයතනයට මුදල් ලැබුණු ආකාරය පිළිබඳව සොයා බැලීම සඳහා මහ බැංකු නිලධාරීන් කැඳවා කරුණු විමසීමට උසස් අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව තීරණය කර තිබේ.

එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා සඳහන් කළේ, ලබන සඳුදා ඒ පිළිබඳ විමර්ශනය සිදු කරන බව ය.

මහාචාර්ය ආශු මාරසිංහ මහතා නිව්ස්ෆස්ට් වෙත අදහස් පළ කරමින් අවධාරණය කළේ, බැටික්ලෝ කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ් නමැති ආයතනය විශ්වවිද්‍යාලයක් නොවන බව ය.

මෙම ආයතනය අවස්ථා කිහිපයකදී නම වෙනස් කර ඇති අතර එය සමාගමක් ලෙස ලියාපදිංචි කෙරූ ආයතනයක් පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා පෙන්වා දෙයි.

එමෙන් ම මෙම ආයතනය ඉදිකිරීම සඳහා මුදල් ලැබී ඇති ආකාරය ද විනිවිද භාවයකින් තොර බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]