හැටන් - මහනුවර සියලු බස් සේවකයින් වැඩ වර්ජනයක

හැටන් - මහනුවර සියලු බස් සේවකයින් වැඩ වර්ජනයක

by Staff writer 24-05-2019 | 9:18 AM
COLOMBO (News 1st) - හැටන් සිට මහනුවර දක්වා ධාවනය වන සියලු පෞද්ගලික සහ ලංගම බස් රථ සේවකයින් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. ඒ, හැටන් සිට මහනුවර දක්වා ධාවනය කරවන ලංගම සහ පෞද්ගලික බස් රථ නාවලපිටිය බස් නැවතුම්පොළට ඇතුළු කිරීමට ඉඩ ලබා නොදීමට විරෝධය පළ කරමිනි. එම බස් රථ නතර කිරීම සඳහා නාවලපිටිය දුම්රිය ස්ථානය අසළ මගී ආවරණයක් නොමැති ස්ථානයක් වෙන් කර ඇති බව වර්ජනයේ නිරත බස් සේවකයෝ පවසති.