සහරාන්ගේ ආධාරකරුවන් පස්දෙනෙකු අත්අඩංගුවට

සහරාන්ගේ ආධාරකරුවන් පස්දෙනෙකු හොරොව්පතානේදී අත්අඩංගුවට

by Staff writer 24-05-2019 | 4:09 PM

COLOMBO (News 1st) - මොහොමඩ් සහරාන්ගේ ආධාරකරුවන් පස්දෙනෙකු අද අලුයම හොරොව්පතාන කිවුලේකඩ සහ ඇල්ලවැව ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, මෙම සැකකරුවන් සහරාන්ගේ දේශනවලට සහය දක්වමින් ඔහුගේ ක්‍රියාකාරකම්වලට සහය දක්වා ඇති බවයි. මීට පෙර කැබිතිගොල්ලෑව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් ජාතික තවුහිත් ජමාත් සංවිධානයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ තොරතුරු මත ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් අතර විදුහල්පතිවරයෙකු, ගුරුවරුන් දෙදෙනෙකු සහ සංවර්ධන නිලධාරියෙකු ද වේ.‍