ස්විස් කුමාර්ට අනුබල දුන් DIG ලලිත් ජයසිංහට නඩු

විද්‍යා ඝාතනය: ස්විස් කුමාර්ට පළා යාමට අනුබල දුන් DIG ලලිත් ජයසිංහට නඩු

by Staff writer 24-05-2019 | 6:08 PM

COLOMBO (News 1st) - යාපනය කොට්ඨාසය භාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතාට එරෙහිව නීතිපතිවරයා අද යාපනය මහාධිකරණය හමුවේ නඩු පවරනු ලැබුවේ ය.

ඒ, මහත් ආන්දෝලනයට ලක් වූ යාපනය ශිවලෝගනාදන් විද්‍යා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මහාලිංගම් ශෂීකුමාර් හෙවත් ස්විස් කුමාර නැමැත්තාට පොලිස් අත්අඩංගුවෙන් මිදී පළා යාමට ආධාර අනුබලදීමේ චෝදනා යටතේයි. යාපනය විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් 2015 මැයි 18 වැනි දා ස්විස් කුමාර නැමැත්තා අත්අඩංගුවට ගත්තේ ය. එම අවස්ථාවේදී ඔහුට පොලිස් අත්අඩංගුවෙන් මිදී පළා යාමට අනුබල දුන් නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා සහාය ලබා දුන්නේ යැයි චෝදනා කරමින් එම ඝාතනයේ සැකකරුවෙකු ලෙස අත්අඩංගුවට ගත් ශ්‍රී ගජන් නැමැත්තාට ද නීතිපතිවරයා යාපනය මහාධිකරණ හමුවේ තව ත් නඩුවක් පවරා තිබේ.