by Staff writer 24-05-2019 | 4:44 PM
COLOMBO (News 1st) - රජරට විශ්වවිද්‍යාලයේ පීඨ 04 ක අධ්‍යන කටයුතු ලබන 27 වැනි දා ආරම්භ කරන බව පාලනාධිකාරිය පවසයි.
ඒ අනුව ව්‍යවහාරික විද්‍යා, තාක්ෂණ, කළමනාකරණ අධ්‍යන හා කෘෂිකර්ම පීඨ ලබන 27 වැනි දා විවෘත කෙරෙනු ඇති.
ව්‍යවහාරික විද්‍යා පීඨයේ හා තාක්ෂණ පීඨයේ සිසුන් අනිද්දා (26) දහවල් 12.00 ත් පස්වරු 4.00 අතර කාලයේදී නේවාසිකාගාරවලට පැමිණිය යුතු බව විශ්වවිද්‍යාල පාලනාධිකාරිය දැනුම් දෙයි.
කළමනාකරණ අධ්‍යන පීඨය සිසුන් හෙට සහ කෘෂිකර්ම පීඨයේ සිසුන් අනිද්දා නේවාසිකාගාරවලට පැමිණිය යුතුය.
මේ අතර කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ පළමු හා දෙවන වසරේ සිසුන්ගේ දේශන ලබන මස 03 වැනි දා ආරම්භ වනු ඇති.