බහින් බස් වීමක් පුද්ගල ඝාතනයකින් කෙළවර වෙයි

බහින් බස් වීමක් දුර දිග යාමෙන් කඩවතදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

by Staff writer 24-05-2019 | 11:05 AM
COLOMBO (News 1st) - කඩවත ඉහළ බියන්වල ප්‍රේමානන්ද මාවතේදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. පොලීසිය සඳහන් කළේ, බහින් බස් වීමක් දුර දිග යාමෙන් ඝාතනය සිදු කර ඇති බව ය. ඝාතනයට ලක්ව ඇත්තේ, 63 හැවිරිදි කඩවත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඝාතනය සිදු කළ පුද්ගලයා සහ ඝාතනයට ලක් වූ පුද්ගලයා එම අවස්ථාවේ බීමතින් සිට ඇති බව ද පොලීසිය ප්‍රකාශ කළේ ය. සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක ය.