පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි හා ජනපති අතර හමුවක්

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි හා ජනපති අතර හමුවක්

by Staff writer 24-05-2019 | 12:41 PM
COLOMBO (News 1st) - පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඊයේ රාත්‍රියේ ජනාධිපතිතුමා හමු විය. ඒ, ජනාධිපති නිල නිවසේදී ය. මෙම හමුවේදී ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව දෙමින් නිදහස් කිරීම පිළිබඳව ජනාධිපතිතුමා වෙත සිය ගෞරවය හා ස්තුතිය පළ කරන බව ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ මැණියන් ජනාධිපතිවරයාට පැවසූ බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ ය. අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට දඬුවම් නියමව සිර දඬුවම් විදී ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ඊයේ පස්වරුවේ ජනාධිපතිතුමාගේ සමාව ලැබීමත් සමග නිදහස හිමි විය.