අවිශ්ක ප්‍රනාන්දු අබාධයකට ලක්වෙයි

පුහුණු තරගය අතරතුරදී අවිශ්ක ප්‍රනාන්දු අබාධයකට ලක්වෙයි

by Staff writer 24-05-2019 | 5:00 PM

News 1st - ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකාව සමග දැන් පැවැත්වෙන පුහුණු තරගය අතරතුර පන්දු රකිමින් සිටි අවිශ්ක ප්‍රනාන්දු පාදයේ ආබාධයකට ලක්විය.

ඒ, හේතුවෙන් ඔහුට පිටියෙන් ඉවත් වීමට සිදු විය. එංගලන්තයේ, කාර්ඩීෆ්හිදී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය හිමිකර ගත් ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළේය. ඒ අනුව මේ වනවිට දකුණු අප්‍රිකා කණ්ඩායම පන්දුවාර 24 ක් අවසානයේ කඩුලු 2 ක් දැවී රැස් කර ගෙන සිටින ලකුණු සංඛ්‍යාව 175 කි. හෂීම් අම්ලා සමගින් ඒඩ්න් මාක්රම් දකුණු අප්‍රිකා ඉනිම ආරම්භ කළේය. පළමු කඩුල්ල ලෙස ඒඩ්න් මාක්රම් ලකුණු 21 කට දැවී ගියේය.