අප්‍රේල් 21 ප්‍රහාරයේ සැකකරුවන්ගේ බැංකු ගිණුම් 41 ක් තහනම් කෙරේ

by Staff writer 24-05-2019 | 7:19 PM

COLOMBO (News 1st) - අප්‍රේල් 21 වැනි දා සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් කරන ලද විමර්ශනවලින් පසු බැංකු ගිණුම් 41 ක් තහනම් කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි නීතිඥ රුවන් ගුණසේකර,
අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට අරගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේත් ඒ වගේම ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය භාරයේත් රඳවා තබාගෙන ප්‍රශ්න කරන සැකකරුවන්ගෙන් ඔවුන්ගේ වත්කම් පිළිබඳවත් මේ වනවිට දීර්ඝ විමර්ශනයක් සිදුවෙනවා. ඒ අනුව ඔවුන්ට අයත් බැංකු ගිණුම් 41 ක මෙහෙයුම් මේ වනවිට තහනම් කිරීමට පියවර අරගෙන තිබෙනවා ඒ බැංකු ගිනුම්වල රුපියල් මිලියන 134 ක මුදලක් තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුව අනාවරණය කරගෙන තිබෙනවා. තව ත් රුපියල් මිලියන 14 ක පමණ මුදලක් මේ වනවිට සොයාගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයට ඒ රුපියල් මිලියන 14 ක පමණ මුදල ලබාගෙන තිබෙනවා. මීට අමතරව වෙනත් වත්කම් පිළිබඳව රුපියල් බිලියන 7 වෙනත් වත්කම් පිළිබිඳව සිදු කරන විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරමින් පවතින බව සඳහන් කරන්න අවශ්‍යයි