.webp)
අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට අරගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේත් ඒ වගේම ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය භාරයේත් රඳවා තබාගෙන ප්‍රශ්න කරන සැකකරුවන්ගෙන් ඔවුන්ගේ වත්කම් පිළිබඳවත් මේ වනවිට දීර්ඝ විමර්ශනයක් සිදුවෙනවා. ඒ අනුව ඔවුන්ට අයත් බැංකු ගිණුම් 41 ක මෙහෙයුම් මේ වනවිට තහනම් කිරීමට පියවර අරගෙන තිබෙනවා ඒ බැංකු ගිනුම්වල රුපියල් මිලියන 134 ක මුදලක් තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුව අනාවරණය කරගෙන තිබෙනවා. තව ත් රුපියල් මිලියන 14 ක පමණ මුදලක් මේ වනවිට සොයාගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයට ඒ රුපියල් මිලියන 14 ක පමණ මුදල ලබාගෙන තිබෙනවා. මීට අමතරව වෙනත් වත්කම් පිළිබඳව රුපියල් බිලියන 7 වෙනත් වත්කම් පිළිබිඳව සිදු කරන විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරමින් පවතින බව සඳහන් කරන්න අවශ්‍යයි