by Staff writer 24-05-2019 | 7:16 AM
COLOMBO (News 1st) - රත්නපුර - ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගයේ ගොඩකවෙළ ගලහිටිය ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් 19 දෙනෙකු තුවාල ලබා තිබේ.
මංගල උත්සවයක් සඳහා අවිස්සාවේල්ල ප්‍රදේශයට පැමිණි පෞද්ගලික බස් රථයක් නැවත මාතර දෙසට ධාවනය වන අවස්ථාවේ නවතා තිබූ කන්ටේනර් රථයක පිටුපස ගැටී මෙම අනතුර සිදුව තිබේ.
තුවාලකරුවන් ගොඩකවෙල දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා 6 දෙනෙකු කහවත්ත මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
තුවාලකරුවන් අතර කාන්තාවන් 12ක් සහ කුඩා ළමුන් 3ක් ඇතුළත් ය.
අප වාර්තාකරු සඳහන් කළේ, ඊයේ රාත්‍රී 7.30ත් 8.00ත් අතර මෙම අනතුර සිදුව ඇති බව ය.
අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියැදුරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
මේ අතර මාරවිල තබ්බෝව ප්‍රදේශයේ ඊයේ සිදු වූ රිය අනතුරකින් කාන්තාවක මිය ගොස් තිබේ.
මාරවිල දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථයක් සහ කුලියාපිටිය සිට කොළඹ දෙසට ධාවනය වූ මගී ප්‍රවාහන පෞද්ගලික බස් රථයක් එකිනෙක ගැටී මෙම අනතුර සිදුව තිබේ.
රෝහල් ආරංචි මාර්ග පැවසුවේ, ත්‍රිරෝද රථයේ සිටි අනතුරෙන් තුවාල ලැබූ තවත් තිදෙනෙකු මාරවිල මූලික රෝහලේ මේ වන විට ප්‍රතිකාර ලබන බව ය.
අනතුරින් මිය ගොස් ඇත්තේ 61 හැවිරිදි කාන්තාවකි.
පොලීසිය සඳහන් කළේ, බස් රථයේ රියැදුරුගේ නොසැළකිලිමත් රිය ධාවනය අනතුරට හේතු වී ඇති බව ය.