ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

කර්තෘ Staff writer

24 May, 2019 | 6:50 am

COLOMBO (News 1st) 
දේශීය පුවත්

1. බන්ධනාගාරගතව සිටි පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ඊයේ ජනාධිපති සමාව හිමි විය.

2. අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පෞද්ගලික සමාගමක මෘදුකාංග ඉංජිනේරුවරයෙකු වන අක්‍රම් අහක්කම් නමැත්තාගෙන් පොලිස් ත්‍රස්ත විමර්ශන අංශය කළ ප්‍රශ්න කිරීම්වලදී තොරතුරු රැසක් අනාවරණය වී තිබේ.

3. නිට්ටඹුව සහ පන්නල ප්‍රදේශයේ ඊයේ සිදු කළ සෝදිසි මෙහෙයුම්වලදී සැකකරුවන් 30 දෙනෙකු පොලිස් භාරයට ගැනිණි.

4. ශ්‍රී ලංකාව සහ අමෙරිකාව අතර ආරක්ෂක ගිවිසුම් පිළිබඳව සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ මහ නාහිමියන් ඊයේ තානාපතිනියගෙන් කරුණු විමසුවේ ය.

5. ත්‍රිවිධ හමුදාවේ සියලු නිලධාරීන්ට හා අනෙකුත් නිලයන් හට ගෙවනු ලබන සලාක දීමනාව ඇතුළු අනෙකුත් දීමනා වැඩි කිරීමට රජය තීරණය කර තිබේ.

විදෙස් පුවත්

6. ඉන්දියාව යළි විජයග්‍රහණය කළ බව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසයි.

ඔහු ඒ බව සඳහන් කළේ, මහ මැතිවරණය ජයග්‍රහණය කිරීම පිළිබඳ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමිනි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]