ක්‍රිකට් ලෝක කුසලාන නායකයින් එකට එකතු වූ සුවිශේෂි අවස්ථාව

ක්‍රිකට් ලෝක කුසලාන නායකයින් එකට එකතු වූ සුවිශේෂි අවස්ථාව

ක්‍රිකට් ලෝක කුසලාන නායකයින් එකට එකතු වූ සුවිශේෂි අවස්ථාව

කර්තෘ Staff writer

24 May, 2019 | 2:42 pm

News 1st: ලෝක කුසලාන තරගාවලියට එක්වන කණ්ඩායම්වල නායකයින් ඊයේ ලෝක කුසලානය සමග සමූහ ඡායාරූපයකට පෙනි සිටියේය.

එහිදී ප්‍ර‍වෘත්ති සාකච්ජාවක් ද පැවත්විය.

මෙම මාධ්‍ය හමුවේදී ශ්‍රි ලංකා නායක දිමුත් කරුණාරත්නගෙන් ස්කොට්ලන්තය සමග පැවැති එක්දින තරගාවලියට ලසිත් මාලිංග සහභාගී නොවීම පිලිබඳව මාධ්‍යවේදියෙකු ප්‍රශ්න කළේය.

එහිදී පිළිතුරු දුන් දිමුත් කරුණාරත්න මෙසේ කියා සිටියේය.

මාලිංග අයි.පී.එල්. තරගාවලියට සහභාගී වුණා. ඒකයි ඔහු ස්කොට්ලන්තය සමග පැවැති තරගාවලියට සහභාගි වුණේ නැත්තේ. ඔහු කණ්ඩායම සමග එක් වෙනවා. 2015 ලෝක කුසලානයෙන් අනතුරුව මට එක්දින තරගවලට සහභාගී වෙන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. මං ටෙස්ට් තරග විශාල සංඛ්‍යාවක් ක්‍රීඩා කළා. ඒ වගේම මම දේශීය එක්දින තරග වලටත් සහභාගී වුණා. මං හිතනවා මම දේශීය තරගාවලදී හොඳට තරග කළා කියලා. තේරීම් කමිටුව දන්නවා මට එක්දින තරගත් හොදින් ක්‍රීඩා කරන්න පුළුවන් කියලා. මට ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන එක්දින තරගත් හොඳින් ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා.

එම මාධ්‍ය හමුවේ විශේෂ අවස්ථා කිහිපයක්…

මේ අතර ලෝක කුසලාන තරගාවලියේ පළමු පුහුණු තරගයට අද ශ්‍රී ලංකාව ක්‍රීඩා කිරීමට නියමිත ය.

ඒ, දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිවයි.

තරගය ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 3ට එංගලන්තයේ කාඩිෆ් ක්‍රිඩාංගණයේදී ආරම්භ වේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]