හෙරොයින් ජාවාරම්කරුවෙකු ජීවිතාන්තය දක්වා සිපිරිගෙට

වැලිකඩ බන්ධනාගාරයේ හෙරොයින් ජාවාරම් කළ විත්තිකරුවෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

by Staff writer 23-05-2019 | 4:07 PM
Colombo (News 1st): වැලිකඩ බන්ධනාගාරය තුළ හෙරොයින් ජාවාරම් කළ විත්තිකරුවෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් අද නියම කෙරිණි. ඒ, කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා හමුවේ නඩුව කැඳවූ අවස්ථාවේදී ය. 2007 ඔක්තෝබර් 11 වැනිදා බන්ධනාගාර විශේෂ විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ වැටලීමකදී මෙම විත්තිකරු අත්අඩංගුවට ගනු ලැබිණි.