මත්පැන් වැටලීමට ගිය කොස්තාපල්ගේ ඝාතකයා නිදැල්ලේ

මත්පැන් වැටලීමට ගිය කොස්තාපල්ගේ ඝාතකයා සෙවීමට පොලිස් කණ්ඩායම් 15 ක්

by Staff writer 23-05-2019 | 7:15 AM
COLOMBO (News 1st) : අකුරැස්ස, ඌරුමුත්ත ප්‍රදේශයේදී පොලිස් නිලධාරියෙකුට වෙඩි තබා ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් 15 ක් පමණ යොදවා තිබේ. පොලීසිය ප්‍රකාශ කළේ, වෙඩි තැබීම සිදුකළ සැකකරු හඳුනාගෙන ඇති අතර ඔහු මේ වනවිට ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවයි. අකුරැස්ස, ඌරුමුත්ත ප්‍රදේශයේ නීතිවිරෝධී මත්පැන් වැටලීමකට ගිය පොලිස් නිලධාරියෙකු වෙඩි තබා ඝාතනය කෙරුණේ, ඊයේ පස්වරුවේයි. වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලැබූ පොලිස් නිලධාරියා කඹුරුපිටිය රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ. මියගොස් ඇත්තේ දිද්දෙණිය කොළඹගේවත්ත පදිංචිව සිටි 30 හැවිරිදි කසුන් සම්පත් නමැති පොලිස් කොස්තාපල්වරයෙකි.