Colombo (News 1st): ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාට මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් සුබ පැතුම් එක් කර තිබේ.
ඒ, ට්වටර් පණිඩුයක් නිකුත් කරමිනි.
අනාගතයේදී ඉන්දියාව සමග ඵලදායී සම්බන්ධතාවක් පවත්වාගෙන යාමට ශ්‍රී ලංකාව බලාපොරොත්තුවන බව ද ජනාධිතිතුමා නිකුත් කළ ට්වටර් පණිඩුයේ වැඩි දුරට ත් සඳහන් විය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාට සුබ පැතුම් එක් කර තිබේ.
ඒ, ට්වටර් පණිඩුයක් නිකුත් කරමිනි.

මේ අතර විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ද සිය ට්වටර් ගිණුම හරහා නරේන්ද්‍ර මෝදි මහතාට සුබ පැතුම් එක්කර තිබේ.
