ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 23-05-2019 | 6:35 AM
COLOMBO (News 1st) දේශීය පුවත් 1. අසාද් සාලි ගලගොඩඅත්තේ ඥානසාර හිමි හමුවීමට යයි : අමාත්‍ය රවී කරුණානායක සහ ආණ්ඩුකාර අසාද් සාලි යන මහත්වරුන් ඊයේ පූජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් හමුවූහ. 2. අකුරැස්සේ මත්පැන් වැටලීමකට ගිය කොස්තාපල් වෙඩි තබා ඝාතනය කෙරේ : අකුරැස්ස , ඌරුමුත්ත ප්‍රදේශයේ නීතිවිරෝධී මත්පැන් වැටලීමකට ගිය පොලිස් නිලධාරියෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ. 3. දින 6ක් තිස්සේ ගොඩ ගැසුණු කුරුණෑගල රෝහලේ කුණු ඉවත් කෙරේ : කුරුණෑගල ශික්ෂණ රෝහලේ ගොඩගැසී ඇති කැළි කසළ ඉවත් කිරීමට කුරුණෑගල මහනගර සභාව මේ වන විට පියවර කර තිබේ. 4. හදිසි නීති රෙගුලාසි තවදුරටත් දීර්ඝ කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් : හදිසි නීති රෙගුලාසි යළි දිර්ඝ කර තිබේ. ඊට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කරනු ලැබුවේ, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අණ පරිදියි. 5. වැල්ලම්පිටිය OICට ස්ථාන මාරුවක් : වැල්ලම්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, පොලිස් කොමිසමේ අනුමැතියට යටත්ව එම මාරුවීම කළ බව ය. 6. ප්‍රභූ වාහන ගමන් කිරීමේදී ජනතාවට අවහිර වන සේ මාර්ග වසන්න එපා – ජනපතිගෙන් උපදෙස් : ප්‍රභූ වාහන ගමන් කිරීමේදී මහජනතාවට අවහිර වන පරිදි මාර්ග වසා නොතබන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ආරක්ෂක අංශ වෙත උපදෙස් ලබා දී තිබේ. විදෙස් පුවත්... 1. ඉන්දුනිසියාවේ සාමාජ ජාලා වෙබ් අඩවිවලට පිවිසීම අවහිර කෙරේ : ඉන්දුනිසියාවේ ජකර්තා අගනුවර පැවැත්වෙන විරෝධතා හමුවේ එරට සාමාජ ජාලා වෙබ් අඩවිවලට පිවිසීම අවහිර කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ. ක්‍රීඩා පුවත්... 1. වසර 3කට පසු ද්විපාර්ශවික එක්දින ක්‍රිකට් තරගාවලියක ජයග්‍රහණය ශ්‍රී ලංකාවට හිමි වෙයි : වසර 3කට පසු ද්විපාර්ශවික එක්දින ක්‍රිකට් තරගාවලියක් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.