by Staff writer 23-05-2019 | 5:58 PM
COLOMBO (News 1st) - බන්ධනාගාරගතව සිටි පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට අද ජනාධිපති සමාව හිමි විය.
ඒ අනුව මීට ටික වේලාවකට පෙර උන්වහන්සේ වැලිකඩ බන්ධනාගාරයෙන් පිටතට පැමිණියේ ය.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට දඬුවම් නියම වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි මාස 09ක කාලයක් බන්ධනාගාරගතව සිටියේ ය.