by Staff writer 23-05-2019 | 2:42 PM
News 1st: ඉන්දීය මහ මැතිවරණයේ ප්‍රකාශිත ප්‍රතිඵලවලට අනුව අගමැති නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය ජයග්‍රහණය කර තිබේ.
භාරතීය ජනතා පක්ෂය මේ වනවිට ජයග්‍රහණය කර ඇති ආසන ගණන 348 කි.
රාහුල් ගාන්ධි ප්‍රමුඛ කොංග්‍රස් පක්ෂය ජයග්‍රහණය කර ඇති ආසන ගණන 90 කි.
තවත් ආසන 104 ක ප්‍රතිඵල නිකුත් වීමට නියමිත ය.
ආසන 542 කින් සමන්විත ඉන්දීය පාර්ලිමේන්තුවේ ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අවශ්‍ය ආසන ගණණ 272කි.
ඒ අනුව මේ වන විටත් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ භාරතීය ජනතා පක්ෂය පැහැදිලි බහුතරයක් ලබාගෙන අවසන් ය.