ජයග්‍රහණය පිළිබඳ මෝදිගේ ට්විටර් පණිවුඩය

ඉන්දියාව යළි විජයග්‍රහණය කළා - නරේන්ද්‍ර මෝදි

by Staff writer 23-05-2019 | 4:16 PM
News 1st: ඉන්දියාව යළි විජයග්‍රහණය කළ බව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසයි. ඔහු ඒ බව සඳහන් කළේ, මහ මැතිවරණය ජයග්‍රහණය කිරීම පිළිබඳ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමිනි. සියල්ලන්ගේ විශ්වාසය මෙන්ම සියල්ලන්ගේ සංවර්ධනය තුළින් විශිෂ්ට ඉන්දියාවක් ගොඩනැගෙනු ඇතැයි ඔහු ඉන් ප්‍රකාශ කර තිබුණි. ඉන්දීය මහමැතිවරණයේ මේ වනවිට ප්‍රකාශිත ප්‍රතිඵල වලට අනූව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය ආසන 345 ක් ජයග්‍රහණය කර තිබේ. රාහුල් ගාන්ධි ප්‍රමුඛ කොංග්‍රස් පක්ෂය ජයග්‍රහණය කර ඇති ආසන ගණන 91 කි. ප්‍රතිඵල නිකුත් කිරීමට තවත් ඉතිරිව ඇත්තේ ආසන 106 ක පමණි.