English
தமிழ்
කර්තෘ Staff writer
23 May, 2019 | 9:32 pm
COLOMBO (News 1st) – නිට්ටඹුව සහ පන්නල ප්‍රදේශයේ අද සිදු කළ සෝදිසි මෙහෙයුම්වලදී සැකකරුවන් 30 දෙනෙකු පොලිස් භාරයට ගැනිණි.
පන්නල, ඇලබඩගම ප්‍රදේශයේ අද උදෑසන සිට සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කෙරුණේ, යුද හමුදාව සහ පොලීසිය ඒකාබද්ධව ය.
එහිදී සැකකරුවන් සිව් දෙනෙකු පොලිස් භාරයට ගැනුණු අතර ඇමෝනියා බවට සැක කරන කිලෝග්‍රෑම් 25 බැගින් වූ බෑග් 25ක් හමුදා නිල ඇඳුමක් සහ ඊට සමාන නිල ඇඳුම් සහ ජංගම දුරකතන තොගයක් ද මෙහිදී සොයා ගැනිණි.
අප වාර්තාකරු ප්‍රකාශ කළේ, භික්ෂූන් වහන්සේ භාවිත කරන කුඩ කිහිපයක් සහ එක් පුද්ගලයෙකු සතුව තිබී විදෙස් ගමන් බලපත්‍ර 13ක් සහ කඩු 3ක් ද සොයා ගැනුණු බව ය.
මේ අතර නිට්ටඹුව තිහාරිය ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී සැකකරුවන් 26 දෙනෙකු පොලිස් භාරයට ගැනිණි.
අප වාර්තාකරු ප්‍රකාශ කළේ, එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු වන මොහොමඩ් ෂබීන් මොහොමඩ් අශ්රොෆ් නමැත්තා ද ඒ අතර සිටින බව ය.
යුද හමුදා කමාන්ඩෝ බලකාය සහ පොලීසිය එක්ව මෙම සෝදිසි මෙහෙයුම ක්‍රියාත්මක කළේ ය.
15 Aug, 2019 | 03:28 PM
06 Jan, 2019 | 10:52 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS