"ජීවිතය පූජා කරන්නත් රටක් තියෙන්න ඕන"

ජීවිතය පූජා කරන්නත් රටක් තියෙන්න ඕන - ගලගොඩඅත්තේ ඥානසාර හිමි

by Staff writer 23-05-2019 | 10:13 PM
COLOMBO (News 1st) - ජනාධිපති සමාව ලැබූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අද සවස කොට්ටාව රුක්මලේ ශ්‍රී ධර්මලෝක විජයාරාමය විහාරස්ථානයට පැමිණියේ ය. විහාරස්ථානයට පැමිණි පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පළමුව ආගමික වතාවත්වලට එක්විය. අනතුරුව උන්වහන්සේ කෝට්ටේ කල්‍යාණි ශ්‍රී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහා නායක ආචාර්ය අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහ නාහිමියන් බැහැ දුටුවේ ය.